ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මැයි මස 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරු 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ජී ජේ නන්දන, කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ඩබ්ලිව් එල් ජේ ආර් ද සොයිසා, අගමැති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් අධිකාරී ඞී එම් තිලකරත්න ඇතුළු පිරිසකටයි එලෙස උසස්වීම් ලබා දී ඇත්තේ.
උසස්වීම් ලැබූ නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වේ.


