අද (23) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද (23) දිනය තුළ දී වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 21 ක් වේ.
එසේම, මෙම නව කොරෝනා ආසාදිතයින් ඇතුළුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1089 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420ක් වේ. සුවය ලැබූ ගණන 620ක් වේ. සැක පිට තවත් පුද්ගලයින් 101 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව පසුවේ.
අද පස්වරුවේ වාර්තා වූ රෝගීන් 17 දෙනා අතරින් 15 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. එම 15 දෙනාගෙන් 10 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයින් පස්දෙනා මුලතිව්හි නිරෝධායනය වෙමින් සිටි අය වේ.
වාර්තා වූ 17 දෙනාගෙන් අනෙක් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු වේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් ගණන 09ක් වේ.
