Advertise with Giraya
NEWS

සීෂේල්හි සිට රෝගීන් 28 දෙනෙකු රැගත් යානයක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව සීෂෙල්ස්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු අද (23) දින දිවයිනට පැමිණ ඇති බව ‘අද දෙරණ’ වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. නමුත් අපි කළ සොයා බැලීමකදී වාර්තා වූයේ එම මගීන් ශ්‍රී ලාංකිකයින් නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට පැමිණි සීශෙල් ජාතිකයින් බවත් ය.

මේ සිද්ධිය තහවුරු කරමින් ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ පවසන්නේ සීෂෙල්ස් රජයේ විශේෂ ඉල්ලීමක් මත එරට සිට රෝගීන් 28 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද (23) දින මෙරටට පැමිණි බවයි. එමෙන්ම, දෙරට අතර ඇති මිත්‍රත්වය අනුව එරටින් සිදු කරන ලද ඉල්ලීමක් ඉටු කරමින් අදාළ ගුවන් යානයට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අතිරේක ලේකම්වරයා කියා සිටියේ හෘද හා වකුගඩු රෝග වැනි රෝගවලින් පෙළෙන සීෂෙල්ස් රජයේ සේවකයින් 28 දෙනෙකු මෙලෙස ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

Giraya News Alerts

ඔවුන් සියලු දෙනාව කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට පීසීආර් පරීක්ෂණවලට ලක් කර ඇති බව සඳහන් කළ ජයනාත් කොළඹගේ කියා සිටියේ ඔවුන්ගේ පෞද්ගලික වියදමින් මෙරට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව පෞද්ගලික රෝහල්වල දී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top