ඉහල කොත්මලේ ජලාශයේ සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණියක් බේරා ගැනිමට ජලාශයට පැන උත්සහ කල හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු තලවකැලේ සහ ලිදුල ප්‍රදේශයේ ගම්වාසින්ගේ සෝ සුසුම් මැද බෞද්ධ ආගමික වතාවන් වලට අනුකුලව අද (23) දින ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපද පොදු සුසාන භුමියේදි සිදු කෙරුණා.
ලිදුල ෆාමස්ටන් රත්නගිරිය විහාරස්ථානයේ විහාරාධිපති ගොඩිගමුවේ ධම්මවිමල හිමියන් විසින් හමිඩ් රිස්වාන්ගේ බෞද්ධ ආගමික වතාවන් සහ පාංශු කුල කටයුතු සිදු කලා.
හමිඩ් රිස්වාන්ගේ මව බෞද්ධ ආගමිකයෙකු වන අතර , රිස්වාන්ගේ පියා මුස්ලිම් ජාතිකයෙකු වන අතර , රිස්වාන්ගේ බිරිදි කතෝලික ආගමිකයන් වනවා.
රිස්වාන්ගේ දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් බෞද්ධ දර්ශනය අදහන අතර රිස්වාන්ගේ වැඩිමහල් දියණිය වන ශානිකා මධුවන්ති (12) ලිදුල සිංහල මහ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රිස්වාන්ගේ පුතනුවන් වන ලක්ෂාන් මධුවන්ත (11) ලිදුල සිංහල මහ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා.
තම පියාගේ හදිසි අභාවය තමන්ට දුකක් මෙන්ම තමන්ට විශාල පාඩුවක් බවයි රිස්වාන්ගේ දරුවන් දෙදෙනා කියා සිටියේ.
රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (22) දින නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල අතර , එහිදි මෙම මරණය දියේ ගිලිමෙන් හුස්ම සිරවිමෙන් සිදු වු මරණයක් බවට නිගමනය කර තිබුණා.
හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් ඊයේ (22) දින සිදු කිරිමෙන් පසු දේහය එදින පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එනු ලැබුවා.
හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා ඇත.
මේ අතර ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තිරුචෙල්වම් ශ්‍රියානි නමැති තරුණිය තව දුරටත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර , ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
එහිදි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තමන් ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තීරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.
දියේ ගිලෙමින් සිටියදි එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ ඔහුට සහයෝගය ලබා දුන් පොකො රුබන් යන දෙදෙනා වෙත තලවකැලේ ප්‍රදේශයේ දමිල තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානයට පැමිණ ඔවුන් දෙදෙනා සිදු කල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්‍රනුකුලව සළු පලදවා උපහාර පිදිමක්ද සිදු කරනු ලැබූ බව වාර්තා වේ.
