Advertise with Giraya
FOREIGN

ලොව පුරා කොරෝනා ආසාදිත වූ ගණන ලක්ෂ 53 ඉක්මවා යයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන අද (23) දිනයේ දී පනස්තුන් ලක්ෂය ඉක්මවා ගියා. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන් වලට අනුව, මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ගණන 5,322,698ක් වේ. වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 340,319ක් වේ. සුවය ලද ප්‍රමාණය 2,170,931ක් වේ. ඊයේ (22) දිනය තුළ දී පමණක් ලොව පුරා රටවල් වලින් රෝගීන් 107,716ක් හඳුනාගෙන ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ (22) දිනයේ රෝගීන් 24,197ක් වාර්තා වී ඇති අතර මේ වන විට ඇ.එ.ජ වාර්තා වූ සමස්ත රෝගීන් ප්‍රමාණය මිලියන 1.6 ඉක්මවා ගොස් තිබේ. දැනට වෛරසය හේතුවෙන් ඇ.එ.ජ මිය ගිය පුද්ගලයින් ප්‍රමාණය ලක්ෂයට ආසන්න වෙමින් පවතින අතර ඊයේ (22) දිනය තුළදී පමණක් ඇමරිකාවේ පුද්ගලයින් 1293ක් මියගොස් තිබේ. ඇ.එ.ජ වෛරසය ආසාදිත වී සුවය ලද ප්‍රමාණය 403,201ක් වේ. එහි පුද්ගලයින් මිලියනයකට වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 4973ක ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මිලියනයකට රෝගීන් 295 දෙනෙකු මියගොස් තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව මේ වන විට වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර ඊයේ දිනයේ දී පමණක් රෝගීන් 8894 දෙනෙකු හඳුනාගෙන තිබේ. රුසියාවෙන් හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් ප්‍රමාණය 335,882ක් වේ. එයින් 3388 දෙනෙකු මියගොස් ඇත. සුවය ලද ප්‍රමාණය 107,936ක් වේ. රුසියාවේ මිලියනයකට වාර්තා වි ඇති රෝගීන් ප්‍රමාණය 2302ක් වන අතර මිලියනයකට රෝගීන් 23 දෙනෙකු මරණයට පත් වී තිබේ.

තෙවැනි තැනට ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිතවූවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වේ. බ්‍රසීලයේ මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 332,382ක් වන අතර රෝගීන් වාර්තා වීමේ සීඝ්‍රතාවය මේ වන විට ඉහළ ගොස් ඇත. ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී බොහෝ දුරට බ්‍රසීලය රුසියාව අභිබවා යාමට ඉඩ කඩක් පවතී. බ්‍රසිලයේ ඊයේ (22) දිනයේ දී වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 19,969ක් වන අතර පසුගිය දින හතර තුළදීම වාර්තා වූ ආසාදිතයින් ගණන 15,000 ඉක්මවා ගොස් තිබේ. බ්‍රසීලයේ මේ වන විට වෛරසය වැළඳී සුවය ලද රෝගීන් ප්‍රමාණය 135,430ක් වේ. මරණයට පත් වූ ගණන 21,116ක් වේ. බ්‍රසීලයේ මිලියනයකට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1565ක් වන අතර මිලියනයකට රෝගීන් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මේ වන විට දිනකට වැඩිම ප්‍රමාණයක් රෝගීන් වාර්තා වන රටවල් අතර පිළිවෙලින් ඇමරිකාව, බ්‍රසිලය හා රුසියාව පෙරමුණ ගන්නා අතර අසල්වැසි ඉන්දියාව හතරවැනි තැනට පත් වී තිබේ. ඊයේ (22) දිනයේ දී පමණක් ඉන්දියාවේ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 6568ක් වේ. වාර්තා වී ඇති රෝගීන් ගණන අනුව ඉන්දියාව ලොව 11 වැනි ස්ථානයට පත්ව ඇත්තේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 124,794ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක දී ය. වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ මියගොස් ඇති ප්‍රමාණය 3726ක් වේ. සුවය ලද රෝගීන් ගණන 51,824ක් වේ. ඉන්දියාවේ පුද්ගලයින් මිලියනකට වෛරසය ආසාදිතවූවන් 91ක් වශයෙන් ද පුද්ගලයින් මිලියනයකට රෝගීන් 03 දෙනෙක් ද වශයෙන් මිය ගොස් ඇති බව වාර්තාවන් පෙන්වා දෙයි.

ඉන්දියාවට පසුව චිලී රාජ්‍යයේ සීඝ්‍ර රෝග ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර මේ වන විට එහි වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 61,857ක් වේ. ඊයේ (22) දිනයේ දී වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණය 4276ක් වේ. එය එක් දිනකදී එරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය වේ. පසුගිය දින හතර ඇතුළ දී චිලී රාජ්‍යයෙන් එක් දිනකදී වාර්තා වන ආසාදිතයින් ගණන දෙගුණයකින් පමණ වැඩි වී තිබේ. මිය ගිය ප්‍රමාණය 630ක් වේ. සුවය ලද ප්‍රමාණය 25,342ක් වේ.

ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය හා ඉතාලිය යන රටවල්වලින් දෙලක්ෂය ඉක්ම වූ ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වේ. මේ වන විට ඉතාලියේ රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති අතර ඊයේ (22) දිනයේ දී එරටින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 652ක් වන අතර මිය ගිය ගණන 130ක් වේ. ස්පාඤ්ඤයෙන් ඊයේ (22) දිනයේ දී වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1787ක් වන අතර මිය ගිය ගණන 688කි. නමුත් බ්‍රිතාන්‍යයේ තවමත් දිනකට කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 3000 ඉක්ම වූ ප්‍රමාණයක් වාර්තා වන අතර දිනකදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් අතර හයවැනි තැනට පත්ව ඇත.

මේ වන විට සීඝ්‍රයෙන් රෝගය ව්‍යාප්ත වන රටක් ලෙස හඳුනාගෙන ඇති මෙක්සිකෝවෙන් ඊයේ (22) දිනය තුළදී පමණක් රෝගීන් 2973ක් වාර්තා වී ඇත. මේ වන විට මෙක්සිකෝවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 59,567ක් වේ. මිය ගිය පුද්ගලයින් ගණන 6510ක් වේ.

මෙක්සිකෝව හා සමානවම මේ දින කිහිපය තුළ දී රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන් වූ රටක් වන්නේ පේරු ය. එය එක් දිනකදී වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන රටවල් අතර 8වැනි තැනට පත් වී තිබේ. පේරු රාජ්‍යයෙන් ඊයේ (22) දිනය තුළ දී පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 2929ක් වේ. පේරු රාජ්‍ය වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ රටවල් අතර 12 වැනි ස්ථානයට පත් වී ඇති අතර වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 111,698ක් වේ. මිය ගිය ගණන 3244ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top