ආණ්ඩුවට අනුව තිස් වසරක යුද්ධය නිමා කරන්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් නායකත්වය දී නොමැති බවත් ආණ්ඩුව කළගුණ නොදන්නා බවත් එම නිසා ජනතාව ආණ්ඩුව මායිම් නොකරන තත්ත්වයට පත් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.
ඔහු අදහස් දක්වමින් පැවසුවේ “මේක පුංචි දිවයිනක්. කොරෝනා මේ රටට නො එන්න මග හදාගන්න තිබුණා . පවිත්‍රා නෝනා කොරෝනා වීරයෝ තේරුවා. එක ජනාධිපති. දෙක අගමැති. තුන හමුදාපති. එතකොට වෛද්‍යවරුන් ,සෞඛ්‍ය අංශ කීයද?.මේ ආණ්ඩුව සියල්ලෙන්ම දේශපාලන කරනවා.
ලෝකෙම ලොක් ඩවුන් ‘කරලා තියෙද්දීත් ලංකාව සංචාරකයින් ට එන්න කියලා දැන්වීම් කළා. ආණ්ඩුව ජනතාව අනතුරට දැම්මේ එහෙමයි.
අපිට මතකයි ලංකාවට සුනාමි ආවට පස්සේ විදෙස් ආධාර ලැබුණා.ඒ ලැබුණු ආධාර යටිමඩි ගැහුවා කියලා ලෝකෙම දන්නවා.ග්‍රීසියෙන් පවා චෝදනා ආවා. ඒ වගේම එදා සුනාමි හොරකමක් වුණා කියලා හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවා කීවා. හිරගෙදර යවන්න ඕන මිනිහා මම රජගෙදර යැවුවා කීවේ එතුමා.
ආණ්ඩුව දැන් රුවන් වැකි කියනවා. පවිත්‍රා නෝනා ලීවා අපේ‍්‍රල් 19කොරෝනා ඉවරයි කියලා . රෝහිත ඇමති කියනවා ආධාර මුදල් එන්නේ නැවෙන් කියලා. විමල් කියනවා චන්ද පත්‍රිකා රත් කරනවා කියලා. මහින්ද අමරවීර කියනවා තෙල් මිල වැඩිකළා එයා දන්නේ නෑ කියලා . බන්දුල කියනවා ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් නෙමෙයි කියලා.වාසු කියනවා පන්දාහෙන් ජීවත් වෙන්න පුලූවන් කියලා.කනක කියනවා කොරෝනා වැඩිවෙන්න කලින් මැතිවරණය තියමු කියලා. චන්දිම කියනවා සල්ලි අච්චු ගහන්න කියලා.සී.බී කියනවා කණකර හරි ආණ්ඩුවට දෙන්න කියලා.
මෙන්න ආණ්ඩුව ජනතාව එක්ක සෙල්ලම් කරන හැටි.
අද බලන්න මේ වෙලාවේ ආර්ථික කටයුතු මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ මහතා. 2015ජනාධිපතිවරණය පරාජය වුනාම එතුමා රටිනුත් පැනලා ගියා. රාජපක්ෂලාගේ නම කැතකලේ ඔහු කියලා විමල්ලා කීවා. එහෙම කෙනා අද ආර්ථිකය මෙහෙයවනවා. ලෝකෙන් ආධාර ලැබෙනවා. ඒවා අරගෙන ආයේ මාධ්‍යට කියනවා ලැබුණේ නෑ කියලා .
ඔබ දන්නවා තිස්වසරක යුද්ධය නිමා කරන්න යුද නානායකත්වය දුන්නේ ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා. ඒත් ආණ්ඩුවට අනුව එතුමා යුද්ධය නිමා කරන්න නායකත්වය දිලා නෑ. අපි අහනවා,එතුමා තේ හැදුවද කියලා.
මේක කළගුණ නොදන්න ආණ්ඩුවක්. ජනතාව මේ ආණ්ඩුව මායිම් කරන්නේ නෑ” යනුවෙනි.
