Advertise with Giraya
NEWS

නොරොච්චෝල සේවකයින් 09 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට

රටේ විදුලි අවශ්‍යතාවයෙන් 60% කට ආසන්න ප්‍රමාණයකට දායකත්වය සපයන ප්‍රධාන විදුලි සැපයුම්කරුවෙක් වන නොරොච්චෝල විදුලි බලාගාරයේ සේවකයින් 09 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇත.

ලක්විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන මෙම සේවකයින් 09 දෙනා හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් එම බලාගාරයේ සේවය කරන 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා දමා ආරක්ෂිතව නේවාසිකාගාරවල රඳවා තබා ඇති බව ලක්විජය බලාගාරයේ කළමනාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ සඳහන් කරයි.

පරීක්ෂණ වාර්තා අද (23) දිනයේ ලැබුණු පසුව එම තත්ත්වය අනුව ක්‍රියාත්මක වීමටත් ඉන්පසුව අදාළ පිරිස් මුදා හැරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Giraya News Alerts

මෙම පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්පල් ලබා ගැනීම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පැවසුවේ එම සේවකයින් පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැති බවයි. කෙසේ නමුත්, මොවුන්ගෙන් අනෙක් පිරිසගෙත් ආරක්ෂාව පිණිස පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත් බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top