ඊයේ (22) දිනයේ දී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 13 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතිරි දෙනා මැලේසියාවේ හා කුවේට්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු වේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් නාවිකයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව, රෝගය වැළඳුන නාවිකයින් අතරින් 280ක් මේ වන විට සුවය ලබා ඇත.
පසුගිය අප්‍රේල් මස 22 වනදායින් පසු වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා නිලධාරීන් වන අතර මේ මාසයේ දී බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැත.
දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් වන අතර ඒ අතරින් 439 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පූර්ණ සුවය ලැබූ ගණන 620ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 09ක් වේ.
