Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

පාකිස්ථානයේ ගුවන් යානයක් ජනාකීර්ණ පෙදෙසකට කඩා වැටේ

අද (22) දින පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා යමින් සිටියදී ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බව පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

ගොඩබෑමට සූදානම් වී ඇති ගුවන් යානය ගුවන් තොටුපල අසලම පිහිටි ජින්නා ක්‍රීඩාංගණය ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයක දී යානය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. ගුවන් යානයේ ගොඩබෑමේ ලිවරයේ ඇති ළුූ ගැටළුවක් මීට හේතු වී ඇති බව දැනට සැකකෙරෙන අතර කඩා වැටුණු ස්ථානය කළු දුමාරයකින් වැසී ගොස් තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටී.

ගුවන් යානයේ මගීන් 90-110ත් අතර පිරිසක් සිටි බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටී. නිශ්චිත ගණන මෙතෙක් සඳහන් කර නැත. එම ස්ථානයේ පිහිටි නිවාසවලට ද හානි සිදුවී ඇති බවත් එම ස්ථානයට හදිසි සේවා ළඟා වී ඇති බවත් ඔවුන් මුදාගැනීමේ කටයුුතුවල නිරත බවත් වැඩිදුර වාර්තා කියා සිටී.

Giraya News Alerts

පාකිස්ථානයේ වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පියවරගෙන දින කිහිපයකට පසු මෙම අනතුර සිදු වී තිබෙනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top