Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

27ක් හඳුනා ගනියි.. 16කට සුවයි.. නවතම කොරෝනා පිළිබඳ දෛනික වාර්තාව

ගත වූ පැය 24 තුළ දී වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 27ක් වේ. එසේම, අද (22) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් වන අතර එයින් 620ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts
  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද,
  • මැයි 16 – රෝගීන් 43 ක් ද,
  • මැයි 17 – රෝගීන් 17 ක් ද,
  • මැයි 18 – රෝගීන් 21 ක් ද,
  • මැයි 19 – රෝගීන් 10 ක් ද,
  • මැයි 20 – රෝගීන් 15 ක් ද,
  • මැයි 21 – රෝගීන් 20 ක් ද,
  • මැයි 22 – රෝගීන් 16 ක් ද සුුවය ලබා ඇත.

එමෙන්ම, මැයි මාසයේ මේ දක්වා බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. එමෙන්ම, අප්‍රේල් 22 වන දිනට පසුව මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් නාවික හමුදාවේ සාමාජිකයින් වේ. මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ නාවික හමුදා සෙබළුන් ගණන 596ක් වන අතර ඒ අතරින් 250ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව, අද (22) පෙරවරු 10.00 වන විට මෙරට කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය 58.7% ක්වේ.

මීට අමතරව, විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිට වාර්තා වූ ආසාදිතයින් ගණන 66 දක්වා වැඩි වී ඇත. එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 426ක් වේ. ඒ අනුව, අද(22) දින පෙරවරු 10.00 වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 80 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 36 ක් ද, මුල්ලේරියාව රෝහලේ 50ක් ද, ඉරණවිල රෝහලේ 19ක් ද, කාතාන්කුඩි රෝහලේ 28 ක් ද, නාවික රෝහලේ 123 ක් ද, හෝමාගම රෝහලේ 37 ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 48 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් 05 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 112ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
  • මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 19 – 1062 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 35
  • මැයි 20 – 1108 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
  • මැයි 21 – 1603 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 49124ක් වේ.

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 22 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.85%ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top