ඊයේ (21) දිනය තුළ දී වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 27ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1055 දක්වා ඉහළ ගොස් ඇත.
ඊයේ දිනයේ දී වාර්තා වූ රෝගීන් 27 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව ද වාර්තා වේ.
දැනට සුවය ලැබූ සමස්ත රෝගින් ගණන 604ක් වේ. තවත් 442 ක් රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි. ජීවිතක්ෂයට පත් වූ ගණන 9ක් වේ.
