අද (21) පස්වරු 6 වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් ගණන 1045 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ තවත් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟය.
එම 17 දෙනා අතරින් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ. එසේම, ඔවුන් සියළුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
දැනට රෝගීන් 604 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගින් 432 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
