Advertise with Giraya
NEWS

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම අත්හිටුවයි

හෝමාගම, ඩයගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරිම අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ අද (21) දිනයේ දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බලධාරීන් අතර අද පැවති රැස්වීමකින් අනතුරුව ය.

අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වියදමකින් ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගනයේ නරඹන්නන් 60,000 කට තරඟ නැරඹීමේ අවස්ථාව උදාවන බව පසුගියදා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා. එමෙන්ම, අද (21) දිනයේ දී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම ව්‍යාපෘතිය රජය අරමුදල් වලින් සිදුවන්නක් නොවන බවත්, එය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය විසින් මෙහෙයවනු ඇති බවත්ය.

එමෙන්ම, එම ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව තමා සිදු කළ ප්‍රකාශයෙන් කිසිවෙකු නොමඟ නොයැවූ බවත් ඔහු එහිදී අවධාරණය කළා.

Giraya News Alerts

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පාර්ශව ගණනාවකින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ අදාළ පාර්ශව සමග අගමැති මහින්ද රාජපක්ෂ අද (21) දින අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා. මෙම සාකච්ජාවට වත්මන් විස්සයි 20 නායක ලසිත් මාලිංග, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම,සනත් ජයසුරිය, මහෙල් ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා බලධාරීන් එක්ව සිටියා.

මෙහිදී ගනු ලැබූ තීරණයන්ට අනුව හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩා පිටිය අත්හිටුවීමටත්, පාසැල් ක්‍රීඩා කටයුතු දියුණු කිරීමටත් අගමැතිවරයා තීරණය කොට තිබෙනවා. ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමට සහ දැනට පිහිටි ක්‍රීඩාංගනවල පහසුකම් දියුණු කිරීමට මෙහිදී අගමැතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් අග්‍රාමත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top