Advertise with Giraya
NEWS

මාලිගාවත්තේ සිදු වූ තෙරපීමකින් තිදෙනෙක් මිය යයි

Update at 5.30 PM

මාලිගාවත්ත, ජුම්මා මාවතේ දරුසලාම් විද්‍යාලය ඉදිරිපිට පිහිටි ස්ථානයක පෞද්ගලික මට්ටමින් සිදු කරන ලද ආධාර බෙදා දීමේ අවස්ථාවක් අතරතුරදී සිදු වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහල වාර්තා කරයි. මිය ගිය තිදෙනාම කාන්තාවන් වේ.

මෙම සිද්ධියේ දී තුවාල ලැබූ 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

Giraya News Alerts

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් මෙම මුදල් ලබා දීම සිදු කර ඇති අතර දෙහිවල පොලීසියෙන් ඒ සඳහා ඇඳිරි නීති බලපත්‍රයක් ලබාගෙන මාලිගාවත්තේ පිහිටි අදාළ ස්ථානයට පැමිණ තිබෙන බව වාර්තා වේ. එම ස්ථානය එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථ අමතර කොටස් ගබඩා කර තැබූ ගබඩාව බව පොලීසිය සඳහන් කරයි.

එහිදී අදාළ ව්‍යාපාරිකයා විසින් මුදල් ලබා දෙන බවට ප්‍රචාරය කර 400ක පමණ පිරිසක් අදාළ ස්ථානය වෙත රැස් කර තිබෙන අතර එහිදී මුදල් බෙදා දීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ දී දැඩි තෙරපීමක් සිදු වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර ලබා දීම් සිදු කළ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාලිගාවත්ත පොලීසිය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top