කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වු පවුල්වලට ගෙවනු ලබන රුපියල් 5000 දිමනාව ජුනි මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එම දිමනාව ලබන මාසයේ ගෙවිම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත පසුගිය 17 වන දින ලිපියකින් දැනුම් දී තිබුණි.
අදාළ මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය ආණ්ඩුව දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරිමක් ලෙස ක්‍රියාත්මක වන බවට පැමිණිලි ලැබිමේ ප්‍රවණතාව වැඩිවී ඇති බව අදාළ ලිපිය මඟින් මැතිවරණ කොමිසම් සභාව දැනුම් දී තිබුණි. එම නිසා අදාළ දිමනාව ලබාදීමේ වැඩසටහන්වලින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයින් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
අදාළ ලිපිය සම්බන්ධයෙන් ඊයේ(20) දහවල් රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එය ලබන මාසයේ නොගෙවිමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ
