Advertise with Giraya
FOREIGN

ලොව පුරා කොරෝනා ආසාදිත වූ ගණන මිලියන පහ ඉක්මවා යයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතවූවන් ගණන අද (20) දිනයේ දී මිලියන 5 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වන විට කොරෝනා ආසාදිතවූවන්ගේ ගණන 5,015,742ක් වේ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 325,509ක් වේ.

දැනට ලොව පුරා සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 2,711,010 ක් වන අතර සුවය ලද පුද්ගලයින් ගණන 1,979,323ක් වේ. ඒ අනුව, ලොව පුරා රටවල්වල ආසාදිත රෝගීන්ගෙන් 86%ක් සුවය ලබා ඇති අතර 14% ප්‍රමාණයක් මරණයට පත් වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර ලොව පුරා පළමු ආසාදිතයින් මිලියනය වාර්තාවීමට පසුගිය දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස 01 වැනිදා දක්වා මාස 03කට අධික කාලයක් ගතවී තිබුණි.

Giraya News Alerts

දෙවන ආසාදිතයින් මිලියනය වාර්තාවීමට දින 12ක කාලයක්, තෙවන මිලියන සඳහා දින 12ක කාලයක් සිව්වන මිලියනය සඳහා දින 13ක කාලයක් ගත වී තිබූ අතර ආසාදිතයින් පස්වන මිලියනය වාර්තාවීමට ගතව තිබුණේ දින 10ක කාලයක් පමණයි.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට එම වෛරසයෙන් සිදුවූ බලපෑමට වඩා වැඩි බලපෑමක් මේ වන විට රටවල් රැසකට සිදුව ඇති අතර වැඩිම බලපෑම එල්ල වී ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 1,571,328ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top