Advertise with Giraya
NEWS

මහමැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකි බව මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් කොළ එළියක් ප්‍රකාශයට පත්වන තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව සඳහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද අධිකරණයට දන්වා සිටියේය.

Giraya News Alerts

ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය වෙත දන්වා සිටියේ ය.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති නිසා එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top