ගත වූ මාසයක කාලයක් තුළ දී රුසියාව, බ්‍රසීලය, මෙක්සිකෝව හා පේරු යන රටවල කොරෝනා වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ය. මේ වනවිට ඇමරිකාවේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,570,583ක් වේ.
ඇමරිකාවට පසුව මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ රුසියාවෙන් ය. රුසියාවේ මේ වන විට වාර්තා වූ රෝගීන් ගණන 299,941ක් වේ. ස්පාඤ්ඤය තෙවැනි තැනට පත් වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් 278,803ක් වාර්තා විමෙන්ය.
බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය හා ජර්මනිය අභිබවමින් මේ වන විට බ්‍රසීලය සිව්වන ස්ථානයට පත් වි ඇත. බ්‍රසීලයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 271,885ක් වේ. බ්‍රිතාන්‍යයෙන් හා ඉතාලියෙන් ද දෙලක්ෂය ඉක්ම වු ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබේ.
එමෙන්ම, ප්‍රංශය,ජර්මනිය, තුර්කිය, ඉරානය හා අසල්වැසි ඉන්දියාවෙන් ලක්ෂය ඉක්ම වු ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබේ. පේරු රාජ්‍යයෙන් වෛරසය ආරම්භ වූ චීනය ඉක්මවූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර පේරු රාජ්‍යයෙන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය 99,483ක් වේ.
දැනට ලොව පුරා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 50ට ආසන්න වෙමින් පවතින් අතර මිය ගිය සංඛ්‍යාව 324,970ක් වේ.
