පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු ආවරණ වලට ගල් ප්‍රහාර එල්ල කොට කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය සඳහන් කරයි.
මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු ආවරණයට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු ආවරණයට බව පොලිසිය සඳහන් කරයි.
පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අනුව පුත්තලම පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිල සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ කරන බව පුත්තලම පොලීසිය ප්‍රකාශ කරයි.
මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
