Advertise with Giraya
Gossip

නිරෝධායන නීතිවලට පටහැනිව හූල් දියණිය සමඟ මැතිවරණ කොමිසමට ඇවිත් !

එංගලන්තයේ සිට මෙරටට පැමිණ මීගමුවේ ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය දින 14ක නිරෝධායන කාලය අවසන් වූ පෙරේදාම (18දා) සිය පියා හා සොහොයුරා සමඟ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණීම ඉමහත් ආන්දෝලනයට තුඩු දෙන සිද්ධියක් බවට පත්ව තිබේ.

ඉලිලනි හූල් නමැති ඇය ඊයේ (19දා) දිනයේද සිය පියා සමඟ මැතිවරණ කොමිසම වෙත පැමිණ ඇති අතර දින 14ක නිරෝධායනයට ලක්වූ අනෙකුත් සියලුදෙනා තවත් දින 14ක කාලයක් සිය නිවෙසේ නිරෝධායනයට ලක්විය යුතුව තිබියදී සියලු නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇය හා ඇගේ පියා මෙසේ හැසිරීම තුළ මැතිවරණ කොමිසමේ අනෙකුත් නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය බලවත් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අංක WP PF-7802 දරන කළු පැහැති මිට්සුබිෂි ඩබල් කැබ් නිල රථයෙන් ඔහුගේ රියැදුරාද සමඟ යාපනයේ සිට පසුගිය ඉරිදා (17දා) සිය පුත්‍රයා හා කොළඹට පැමිණ ඇති මහාචාර්ය හූල් මහතා එම රියෙන්ම පෙරේදා (18දා) මීගමුවට ගොස් නිරෝධායනය අවසන් කළ දියණියද රැගෙන කෙළින්ම පැමිණ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත බවද තහවුරු කළ ආරංචිමාර්ග සඳහන් කරයි.

Giraya News Alerts

නිරෝධායන මධ්‍යස්ථානවලදී දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කෙරෙන සියලුදෙනා තම නිවෙසේදී තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර තිබෙන පසුබිමක මහාචාර්ය හූල්ගේ දියණිය කොළඹට පැමිණ මෙසේ නිදැල්ලේ හැසිරීම සෞඛ්‍ය අංශවල අධීක්ෂණයට ලක් නොවූයේ මන්දැයි එම ආරංචිමාර්ග තවදුරටත් ප්‍රශ්න කරයි.

යාපනයේ නල්ලූර්හි, චෙම්මිනි පාරේ පදිංචි මහාචාර්ය හූල්ගේ දියණිය එම නිවෙසේ නිරෝධායනයට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ වෙත වාර්තා නොවීමට කිසිදු හේතුවක් නැති බවද පවසන එම ආරංචි මාර්ග එසේ නම් සෞඛ්‍ය අංශ වෙතින් එම අවධානය ගිලිහී ගියේ කෙසේදැයි යනුවෙන්ද ප්‍රශ්න කරයි.

එමෙන්ම සිය ප්‍රවාහන වියදම් වෙනුවෙන් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබාගන්නා මහාචාර්ය හූල් යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල රියෙන් කොළඹ පැමිණීම බරපතළ විෂමාචාරයක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

අද දිනයේ මැතිවරණ කොමිසමේ රැස්වීමක් පැවත්වීමට නියමිතව තිබුණද එය පසෙක තිබියදී මහාචාර්ය හූල් ඊයේ පස්වරු 4.00ට පමණ යාපනය බලා යන බව පවසමින් පිටත්ව ගිය බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

-මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top