Advertise with Giraya
POLITICS

මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් නෙරපයි

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා (18) තීරණය කර තිබේ. මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස ද කළුතර දිස්ත්‍රික් නායක මෙන්ම පානදුර ආසන සංවිධායකවරයා ලෙස ද කටයුතු කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක කටයුතු සිදුකිරිම, මෙන්ම පක්ෂයේ තීන්දු තීරණ වලට එරෙහිව යමින් කටයුතු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මහින්ද සමරසිංහ මෙලෙස ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මහින්ද සමරසිංහ සම‍ඟ කළුතර දිස්ත්‍රීක් නායකයින් ලෙස කටයුතු කළ තවත් තිදෙනෙක් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. මහින්ද සමරසිංහ සමඟ මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ අනෙක් තිදෙනා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක, සාලිය ගුණසිංහ ධම්මික විජේසිංහ යන පිරිසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ අය වෙනුවට කළුතර දිස්ත්‍රීක්කයේ නව නායකයින් ලෙස සුමිත් ලාල් මෙන්ඩිස් මහතා හා සුනේත්‍රා ප්‍රියංගනී අබේවිර යන දෙපළ පත්කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top