අද (19 දිනයේ දි මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1000 ඉක්මවා ගියා. ඒ තවත්, නව ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟය . ඒ අනුව, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1020ක් වේ.
මෙම රෝගීන් 28 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක්වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරයි.
කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 569 ක්.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.
