Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අන්තවාදී තර්ජන එල්ල වන බවට පලවන ප්‍රචාර අසත්‍යයි – ආරක්ෂක ලේකම්

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලීසිය සහය ලබා ගැනීම තුළින් රටේ ජාතික ආරක්ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අවධාරණය කරයි.

එමෙන්ම, අන්තවාදී තර්ජන එල්ල වන බවට මහජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය තුළ පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම, සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් බුද්ධි අංශවලට අන්තවාදී තර්ජන පිළිබඳව තොරතුරු ලැබී නැති බවත් ඔහු සඳහන් කරයි.

Giraya News Alerts

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද එම නිවේදනය පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top