Advertise with Giraya
NEWS

ලංකාවේ කොරෝනා වැළඳී සුව වීමේ ප්‍රතිශතය 57% ඉක්මවා යයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය 57.36%ක් දක්වා වැඩි වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අද (19) දින පෙරවරු 10.00ට වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කළ අන්දමට තවත් ආසාදිත වූ රෝගින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සමස්ත රෝගීන් 569ක් සුවය ලැබීම වාර්තා වීමෙන් අනතුරුවයි.

ඒ අනුව, මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

මැයි 01 – රෝගීන් 08 ක් ද,
මැයි 02 – රෝගීන් 10 ක් ද,
මැයි 03 – රෝගීන් 12 ක් ද,
මැයි 04 – රෝගීන් 10 ක් ද,
මැයි 05 – රෝගීන් 19 ක් ද,
මැයි 06 – රෝගීන් 02 ක් ද,
මැයි 07 – රෝගීන් 17 ක් ද,
මැයි 08 – රෝගීන් 08 ක් ද,
මැයි 09 – රෝගීන් 20 ක් ද,
මැයි 10 – රෝගීන් 61 ක් ද,
මැයි 11 – රෝගීන් 22 ක් ද,
මැයි 12 – රෝගීන් 23 ක් ද,
මැයි 13 – රෝගීන් 16 ක් ද,
මැයි 14 – රෝගීන් 63 ක් ද,
මැයි 15 – රෝගීන් 32 ක් ද,
මැයි 16 – රෝගීන් 43 ක් ද,
මැයි 17 – රෝගීන් 17 ක් ද,
මැයි 18 – රෝගීන් 21 ක් ද,
මැයි 19 – රෝගීන් 10 ක් ද සුුවය ලබා ඇත.

Giraya News Alerts

ගත වූ පැය 24 තුළදී තවත් කොරෝනා රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ප්‍රමාණය ඒ් අනුව 992ක් වේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන 414ක් වේ. ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 95 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 39 ක් ද, මුල්ලේරියාව රෝහලේ 56ක් ද, ඉරණවිල රෝහලේ 05 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 156 ක් ද, හෝමාගම රෝහලේ 14 ක් ද, මිනුවන්ගොඩ මූලික රෝහලේ 48 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 135ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 49 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 550 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
මැයි 17 – 1254 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 21
මැයි 18 – 960 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11

මෙරට කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 19 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.91%ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top