ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (19) දින පෙරවරු 11.00ට නිකුත් කරන ලද නිවේදනයෙන් දැක්වෙන්නේ නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙම තද වැසි තත්ත්වය අපේක්ෂා කරන බවයි.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැය කි.මී. 50 -60 දක්වා වැඩි විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.
අද පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ මිලිමිටර් 193.3ක් වූ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, දූලිඇල්ල, දෙල්ලව, බෝගොඩ, ඕපාත, මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය, අන්දරදෙණිය සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රදේශවලින් ද මිලිමිටර් 100 ඉක්මවූ වර්ෂාපතන අගයන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
