Advertise with Giraya
FOREIGN

හතරවැනි වරටත් රට අගුළු තද කළ ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා යයි

දකුණු ආසියාවේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අසල්වැසි ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන් වලට අනුව මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 101,261 දක්වා ඉහළ ගොස් තිබේ.

පෙරේදා (17) දිනයේ දී එරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වූ ආසාදිතයින් 5050ක් වාර්තා විය. ඊයේ (18) දිනයේ දී වාර්තා වූ රෝගීන් ගණන 4630ක් වේ. වාර්තා වූ රෝගීන්ගෙන් 57,939 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ. සුවය ලැබූ සමස්ත ගණන39,233ක් වේ. ඉන්දියාවේ සුව වීම් අනුපාතිකය 92.5% ක් වේ. ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන්ගෙන් 3164 දෙනෙකු මරණයට පත් වී තිබේ.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දීය රජය විසින් හතරවැනි වරටත් රට අගුළු දැමීමේ ක්‍රියාමාර්ගය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.බිලියන 1.3 ක ජනගහණයක් ආවරණය වන පරිදි ලොව විශාලතම රට අගුලු දැමීමේ ක්‍රියාමාර්ගය මෙය වේ.

මෙම අගුලු දැමීම දීර්ඝ කිරීම යටතේ එරට ගුවන් ගමන්, දුම්රිය /බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන්, අධ්‍යාපන ආයතන, අවන්හල්, සුරා සල්, සිනමා ශාලා හා සාප්පු සංකීරණ මේ අනුව තවදුරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වුවද අගුලු දමා පැවතියදී රටේ ආර්ථිකය විවෘතව තබා ගැනීමට අවශ්‍ය වීම හේතුවෙන් අවන්හල්වලින් ආහාර නිවෙස්වලට රැගෙන යාමට (ටේක් අ වේ ) ජනතාවට අවසරය ලබා දී ඇති අතර ක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩාංගනවලට ප්‍රේක්ෂකයින් නොමැතිව තරඟ සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ඉන්දීයාවේ ස්වදේශීය කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසයි. මේ වන විට පුද්ගලික මෝටර් රථ හා බස්වලට අවසරය ඇතිනම් නගර හා ප්‍රදේශ හරහා සංචාරය කිරීමටත් වෙනත් ප්‍රාන්තයකටත් යාමට අවස්ථාව සලසා දී තිබේ.

ඉන්දීය රජය රට පුරා අගුළු දැමීම තවත් සති දෙකකින් දීර්ඝ කිරීම නිවේදනය කිරීමටත් පෙරම කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන තලන්ගනා ,මහාරාෂ්ට්‍ර ,තමිල්නාඩු ,පන්ජාබ් හා මිසෝරාම් යන ප්‍රාන්ත පහ මෙම මැයි 31 වැනිදා දක්වා සිය අගුළු දැමීම දීර්ඝ කිරීමට පියවාර ගෙන තිබිණි.

මේ අතර ඉන්දියාවේ ආපදා ප්‍රතිචාර අධිකාරිය වසින් නිවේදනය කර ඇත්තේ අගුළු දැමීම යටතේ රටේ ආර්ථිකය විවෘත කිරීමේ කටයුතු පිළිබඳ නව මාර්ගෝපදේශනමාලාව නිකුත් කිරීමට නියමිත බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top