Advertise with Giraya
Gossip

ගහන මඩ ඔප්පු කළොත් මම ගෙදර යනවා

ඩුබායි හි සිට පැමිණි ගුවන් යානයකින් නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණගේ දියණිය මෙරටට පැමිණ ඇති අතර ඇයව කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු නොකොට, නීතිවිරෝධී ලෙස සිය නිවස කරා කැඳවාගෙන ගොස් ඇති බවක් සඳහන් කරමින් පුවත් වාර්තා වෙබ් අඩවිවල පළ කර තිබුණි.

නමුත්, පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන්ගේ දියණිය බෙලාරූස් හි සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවට පළවන සියලුම පුවත් අසත්‍ය බවයි. එසේම එවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළ කරන්නේ කුමන හේතුවක් නිසාදැයි තමන්ට නොවැටහෙන බවත් ඔහු කියා සිටියා. එමෙන්ම තමන්ට පොලිස් නිලධාරියෙකු ලෙස ඕනෙම අභියෝගයකට මුහුණ දිය හැකි බවත් අජිත් රෝහණ කියා සිටියා.

ඔහු පවසන්නේ ඔහුට එක් ඉල්ලීමක් ඇති බවයි. ඉගෙන ගන්න ළමයි ඉන්න දෙමාපියන් වශයෙන් අදාළ වෙබ් අඩවි පවත්වාගෙන යන අය ළමයින්ගෙ මනසට, විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ගෙ මනසට හිරිහැර වෙන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා.

Giraya News Alerts

එමෙන්ම, මේ සම්බන්ධයෙන් ‘මව්බිම’ පුවත්පතට අදහස් පළ කරමින් නීති දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබෙන්නේ සිය දියණිය තවමත් විදෙස්ගතව ඉගෙනුම ලබන බවත් මෙම පුවත සත්‍යයක් බවට කිසිවකු හෝ ඔප්පු කළහොත් තමා පොලිස් සේවයෙන් සමුගන්නා බවයි.

එසේම, ඊයේ (18) දිනයේ දී නීතිඥ අජිත් රෝහණගේ දියණිය වන තුරුණි සහශ්‍රිකා බෙලරූස් රාජ්‍යයේ සිට සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝපටයක් නිකුත් කරමින් අදාළ පුවත් වාර්තා අසත්‍ය බවත් තමන් තවදුරටත් රැඳී සිටින්නේ බෙලරූස් රාජ්‍යයේම බවත් සඳහන් කළා. තවද, ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළාය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top