තමන් අත්හදාබලමින් සිටින කොවිඩ් මර්දන එන්නතකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමෙරිකානු ආයතනයක් වන මොඩෙර්නා ආයතනය අනාවරණය කර තිබෙනවා.
ඇමරිකානු ජෛව තාක්ෂණ සමාගමක් වන මොඩෙර්නා ආයතනය විසින් නිපදවා ඇති මෙම එන්නත පළමු අදියරයේ සායනික අත්හදා බැලීමේදී පුද්ගලයින් 08 දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල අත් කර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ මඟින් පුහුණුකරවන බවත්, ඉන් කොරෝනා වෛරස කාණ්ඩයට එරෙහි සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.
එන්නත අත්හදාබැලීම සදහා යොදාගත් පළමු පුද්ගලයින් අටදෙනාගේ සිරුරේ ක්‍රියාත්මක වෙමින් පැවැති ප්‍රතිදේහ, අදාළ එන්නත ලබාදීමෙන් අනතුරුව උදාසීන වන බවද එම ආයතනය සදහන් කළේය. නව එන්නත මහා පරිමාණයෙන් අත්හදාබැලීම ලබන ජූලි මාසයේ සිට සිදු කිරීමට නියමිත ය.
මෙම එන්නතේ ඉදිරි අධ්‍යයන කටයුතු සාර්ථක වුවහොත් එන්නත ලබන ජනවාරි මාසයේදී මහජනතාවට ලබා දීම සඳහා නිකුත් කිරීමට හැකි වනු ඇතැයි “මොඩෙර්නා “සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටැල් සැක්ස් පවසයි.
කෙසේ වුවද, ලොව වටා ප්‍රධාන ආයතන සහ පර්යේෂකයන් කණ්ඩායම් 80ක් පමණ කොවිඩ් මර්දන එන්නතක් සොයාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටින පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් කොවිඩ් වෛරසයෙන් වැළකීමට ක්ලෝරොක්වීනීන් ඖෂධය ලබාගන්නා බවයි. අදාළ ඖෂධය සාමාන්‍යයෙන් භාවිතකරන්නේ, මැලේරියා රෝගය මැඬලීම සදහායි.
තමන් සතියක පමණ කාලයක් තිස්සේ අදාළ ඖෂධය ලබාගන්නා බවත්, එය සාර්ථක ඖෂධයක් බවත්, ජනාධිපතිවරයා පවසනවා. ක්ලෝරොක්වීනින් ඖෂධය කොවිඩ් මර්දනය සදහා යොදාගත හැකි බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙර ද අවස්ථා කිහිපයකදී සඳහන් කළේය.
කෙසේ නමුත් බොහෝ වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ ඉන් අපේක්ෂිත සාධනීය ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.
