යුද්ධය අවසන් කොට 11 වසරක් පිරීමේ විජයග්‍රාහී සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරින් 177 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුව ය.
ඒ අනුව, මීට වසර දෙකකට ඉහත දී ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ද මේජර් ජනරාල් නිලයට උසස් වීමක් ලබා දී තිබේ.
ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 5ක් මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරු 4ක් බ්‍රිගේඩියර් නිලයටත්, මේජර්වරුන් 39ක් ලුතිනන් කර්නල් නිලයටත්, කපිතාන්වරු 69ක් මේජර් නිලයටත් දෙවන ලුතිනන්වරු 60ක් ලුතිනන් නිලයටත් උසස් කිරීමට නියමිත බව යුද හමුදාව සඳහන් කරයි.
