IOC සමාගම පෙට්‍රල් මිල ඉහළ නැංවුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිපෙට්කෝ මධ්‍යස්ථානවල ඉන්ධන මිල ඉහළ දැමීමක් කිසිසේත් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එමෙන්ම, අමාත්‍යවරයා පැවසුවේ පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් IOC සමාගම කිසිදු පූර්ව දැනුවත්කිරීමක් සිදු කර නොමැති බවයි.
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, රුපියල් 137 ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.
