Advertise with Giraya
NEWS

මැතිවරණ සමයේ ජනපති සිදු කළ පත්කිරීම්වලට එරෙහිව ජාතික ජන බලවේගයෙන් පැමිණිල්ලක්

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති තත්වයක ජනාධිපතිවරයා විසින් නවක අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනකු පත්කිරීම සම්බන්ධව ‘ජාතික ජන බලවේගය’ විසින් මැතිවරණ කොමිසමට අද (18) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙලෙස කැබිනට් අමාත්‍යංශ ලේකම්වරුන් ඉවත් කිරීම සහ පත් කිරීම, මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කරන ලද 2020.03.03 දින දරණ චක්‍රලේඛ අංක 03හි සඳහන් උපමානයන් උල්ලංඝනය කිරීමක් බවද ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමට සිදු කළ අදාළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අවස්ථාවට හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා, නීතිඥ උපුල් කුමරප්පරෙුම මහතා සහ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එක්වී සිටිය හ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top