Advertise with Giraya
BUSINESS

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත වර්ධනයක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද(18) දින දැවැන්ත වර්ධනයක් වාර්තා කරන ලදී. අද (18) දිනයේ දි රුපියල් බිලියනයක් වටිනා ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟිනි. මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

Giraya News Alerts

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top