කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර නැවත 2020 මැයි මස 20 වෙනි දින සිට විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙනු ඇත.
මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදුකෙරෙයි.
එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලිවලට අමතරව දකුණු කොරියාව, ජපානය, කැනඩාව , ජර්මනිය යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේ දී, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපිය ද ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය වෙයි.
විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ. මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතය.
