Advertise with Giraya
NEWS

‘ඊලාම් සයිබර් ආම්’ගෙන් හිරු නිවුස් ඇතුළු වෙබ් අඩවි 5කට සයිබර් ප්‍රහාර

අද (18) උදෑසන ‘දෙමළ ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයක් විසින් ‘hirunews.lk’ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය උපුටා දක්වමින් හිරු ආයතනය සඳහන් කරන්නේ පැය භාගයක පමණ කාලයක සිට අදාළ සයිබර් ප්‍රහාරය ‘hirunews.lk’ වෙබ් අඩවිය වෙත එල්ල වූ බවයි.

එමෙන්ම, දෙමළ ඊළාම් සයිබර් ආමි විසින් ලංකාවේ වෙබ් අඩවි 5කට අද (18) දිනයේ දි සයිබර් ප්‍රහාර එල්ල කර තිබේ.

සයිබර් ප්‍රහාර එල්ල කරන ලද අනෙක් වෙබ් අඩවි හතර පහතින් දැක්වේ.

කෙසේ වුවද මේ වන විට හිරු පුවත් සේවයේ වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර තිබේ.

මීට පෙර වසර 2014 සිට සෑම වර්ෂයකම මැයි 18 වැනිදා ටැමිල් ඊලාම් සයිබර් ෆෝස් (Tamil Eelam Cyber Force) නැමැති පිරිසක් විසින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල කිරීම සිදුකර තිබිණි. නමුත්, ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සඳහා මේ අයුරින් සයිබර් ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වේ.

පසුගිය වසරේ (2019) මැයි 18 වැනිදා ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට සයිබර් ප්‍රහාර මාලාවක් එල්ල කොට එම වෙබ් අඩවි වල හැඩරුව හා එම වෙබ් අඩවි වල අඩංගු දත්ත වෙනස් කිරීමටත් යම් වෙබ් අඩවි ප්‍රමාණයක් අඩපණ කිරිමත් Tamil Eelam Cyber Force යන කණ්ඩායම සමත්ව තිබිණි.

එහිදී මේ ප්‍රහාරයට හේතුව ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමුහය සඳහන් කර තිබුණේ එවකට හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතා විසින් “ශ්‍රී ලංකාව සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කිරීමට 2018 වසරේ අග භාගයේදී නව හමුදා ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට සිදුකරනු ලැබූ ප්‍රකාශය අභියෝගයට ලක් කිරීමට බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top