11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද හමුදාවේ 14,617 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙන බව යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව, හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී මෙම උසස්වීම් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් හෙට දින සිට බල පැවැත්වෙන පරිදි ලබාදීමට නියමිත මෙම උසස්වීම් යුද හමුදා ඉතිහාසයේ දිනක් තුළ ලබාදෙන වැඩිම උසස් වීම් සංඛ්‍යාව බවත් යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
යුද හමුදාව සිදුකරන කැප කිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදාවේ සෙසු නිලයන් දිරි ගන්වමින් මෙම උසස්වීම් ප්‍රදානය කෙරෙන බව සඳහන් වේ.
මේ අතර, 11 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා.
මේ අතර, ජාතික ආරක්ෂාව මෙන්ම කොරෝනා වසංගතය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවම සිය පූර්ණ දායකත්වය ලබාදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
