Advertise with Giraya
NEWS

තවත් කොරෝනා රෝගීන් 18 දෙනෙකු සුවය ලබයි

මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගෙන් 538 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ් අද (16) දින පෙරවරු 10.00 වන විට රෝගීන් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් යාමත් සමඟ ය.

එසේම, දැනට රෝහල්වල ප්‍රතිකාර ගනු ලබන රෝගීන් ප්‍රමාණය ඉක්ම වූ පිරිසක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව, සුව වීමේ අනුපාතය 56% දක්වා වැඩි වී ඇත.

ඒ අනුව, මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts
  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද
  • මැයි 16 – රෝගීන් 43 ක් ද
  • මැයි 17 – රෝගීන් 17 ක් ද සුුවය ලබා ඇත.

ගත වූ පැය 24 තුළදී තවත් කොරෝනා රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ප්‍රමාණය ඒ් අනුව 960ක් වේ. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන 413ක් වේ. ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 102 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 31 ක් ද, මුල්ලේරියාව රෝහලේ 60ක් ද, ඉරණවිල රෝහලේ 05 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 192 ක් ද, හෝමාගම රෝහලේ 21 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 209ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 46 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 521 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 12 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 15 – 938 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10
  • මැයි 16 – 1081 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 960ක් වන අතර කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 17 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.94%ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top