ඉන්දියාවේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන මේ වනවිට චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබේ.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 90,927ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි.
අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (16) දිනයේ කොවිඩ් – 19 ආසාදිතයන් 3,787 දෙනෙක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 104ක්.
කෙසේ වුවද, ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එසේම, චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉන්දියාවේ සමස්ථ ආසාදිතයින්ගෙන් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි
