Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ රෝගීන් ගණන 25න් 23ක්ම නාවිකයින්

ඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, ඊයේ(16) දිනයේ තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 25 දෙනෙක් වේ. ඉන් 23 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන්ගෙන් එක් අයෙකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් රෝගියා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ. අනෙක් 23 දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.

Giraya News Alerts

ඊයේ (16) පෙරවරුවේ කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන්න්ගෙන් 43 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව දැනට සුවය ලැබූ සංඛ්‍යාව 520ක් දක්වා ඉහළ ගොස් ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 431ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top