Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 949ක් දක්වා වැඩි වෙයි

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 949 දක්වා වැඩි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

අද (16) දිනයේ දී මේ වන විට රෝගීන් 16 දෙනෙකු වාර්තා වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක් වන අතර අනෙක් රෝගියා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙක් වේ. අනෙක් 12 දෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.

මෙම රෝගීන් වාර්තා වීමත් සමඟ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 420ක් දක්වා වැඩි වී ඇත.

Giraya News Alerts

අද පෙරවරුවේ රෝගීන් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවත් ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 520 දක්වා වැඩි වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. මේ වන විට මෙරට රෝගය වැළඳී සුව වීමේ අනුපාතිකය 54.7% ක් ද මරණ අනුපාතිකය 0.95% ක් ද වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top