Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අයහපත් කාලගුණය නිසා නිවාස 45,000කට විදුලිය නැහැ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල 45,000කට ආසන්න පාරිභෝගිකයින් පිරිසකට විදුලි සැපයුම ඇනහිට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එම ප්‍රදේශවලට පැය 24ක් තුළ විදුලි බලය නැවත ලබා දීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

ඊයේ (15) පස්වරුවේ සිට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා විදුලි බල රැහැන් පද්ධතියට සිදු වු හානි හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ ගණනාවක පවුල් 45 000ක් පමණ විදුලිය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

Giraya News Alerts

දැනට ලැබී ඇති තොරතුරු අනුව බණ්ඩාරවෙල පවුල් 5600ක් , රත්නපුර පවුල් 3000ක් , මාතර- හක්මණ පවුල් 5800ක් , ගම්පහ පවුල් 13000ක් , නුවර එළිය පවුල් 780කට ආසන්න ප්‍රමාණයක්, අනුරාධපුර පවුල් 12000ක් , හා ත්‍රිකුණාමලය පවුල් 4200කට ආසන්න ප්‍රමාණයක් වශයෙන් පවුල් 45 000කට ආසන්න පිරිසක් විදුලිබලය නොමැතිකමින් පීඩා විඳින බව වාර්තා වී තිබේ.

නුවරඑළිය පවුල් 780ට විදුලිය සැපයීම හෙට දින දක්වා කල් යනු ඇත. එයට හේතුව මෙගවොට් 33000ක අධි විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියකට හානි වී ඇති බැවින් එම කටයුතු ප්‍රතිසංස්කරණය කිරිමට වැඩි කාලයක් ගත වන බැවින් ය.

එහෙත්, දිවයිනේ හානියට පත්ව ඇති සෙසු ප්‍රදේශවලට විදුලිය සැපයිම පැය 24 ක් තුළ ලබා දී ජනජීවිතය යථා තත්ත්වයට පත්කරන්නැයි විදුලි බල බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට අද දින (16) පෙරවරුවේ උපදෙස් දී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිටත් අදාළ ප්‍රදේශවලට විදුලිය ලබා දිම සඳහා අලුත්වැඩියා කිරීම් මේ වනවිටත් ආරම්භ කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top