Advertise with Giraya
FOREIGN

බ්‍රසීල සෞඛ්‍ය ඇමති ධූරය යළි හිස් වෙයි

කොරෝනා වෛරසය හමුවේ මාසයක කාලයක් ඇතුළත බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය යළි පුරප්පාඩු වි තිබේ. ඒ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා දෙවන වරට පත් කළ අමාත්‍යවරයා ද එම ධුරයෙන් ඉවත් වීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, බ්‍රසීල ජනාධිපතිවරයා කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවළ සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුම් හේතුවෙන් නව සෞඛ්‍ය අමාත්‍යවරයා ද ඉවත් වී ඇත.

කායවර්ධන මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරීමට අදාළව ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ නිකුත් කරන ලද නියෝගයක් සෞඛ්‍ය අමාත්‍ය නෙල්සන් ටීච් විවේචනය කිරිම මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව වි තිබේ.

Giraya News Alerts

මීට පෙර බ්‍රසිලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරු ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ද පසුගිය අප්‍රේල් මාසයේදි ඉල්ලා අස් විය. ඔහු ඉල්ලා අස් වුයේ ද කොරෝනා වෛරසය මර්දනයට බ්‍රසිල ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවළ පිළිබඳව ඇතිවු මත ගැටුමක් හේතුවෙනි.

මෙ‍ වන විට ‍බ්‍රසිලයෙන් කොරෝනා ආසාදිතයින් 220,291 ක් සහ 15000කට ආසන්න මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top