පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදින්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ශ්රී ලංකා රජයට බලපෑම් කර තිබේ.
හිජාස් හිස්බුල්ලාට නීතීඥ සහාය ලබාගැනීම අවශ්‍ය පහසුකම් සලසන ලෙස මෙම ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය රජයෙන් ඉල්ලීම් කර තිබේ.
එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතා අත් අඩංගුවට ගැනීමේදී ඔහු අත් අඩංගුවට ගන්නා හේතුව ඔහුට දැනුම් දී නොමැති බවත් 2020 අප්‍රේල් 25 වනදා තෙක්ම ඔහුව රඳවා තබාගැනීමේ නියෝගයක ද නිකුත් කර නොමැති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 සහ 9 වගන්ති ප්‍රකාරව පැය 72ක් තුළ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා ද නොමැති බවත්ය.
මීට අමතරව 2020 අප්‍රේල් 15,16 සහ 18 පැවති කෙටි මුණගැසීම්වලදී නීතීඥයකු සතු වෘත්තීය වරප්‍රසාද උල්ලංඝනය කරමින් ඔහුට නීතීඥ සහාය ලබාගැනීම ද වළක්වා ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
එමෙන්ම ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ කොවිඩ් 19 වසංගත සමයේදී ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව වෙනස්කම් පෑම උත්සන්න වෙමින් පවතිද්දී බවත් ජාත්‍යන්තර නීතිවේදින්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනය ශ්රී ලංකා රජයට පෙන්වා දී ඇත.
කෙසේ නමුත්, අත්අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කිසිඳු මැදිහත්වීමක් නොකරන ලෙස නීතීඥවරුන් 216 දෙනකු විසින් පසුගියදා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා වෙත යොමු කෙරුණු ලිපියට ජනාධිපති නීතීඥවරුන් 7 දෙනකුගේ අත්සන් ඇතුළත්ව තිබිණි.
සම්බන්ධිත පුවත්
හිජාස් හිස්බුල්ලාගේ සිද්ධියට මැදිහත් නොවන්නැයි සාමාජික නීතීඥවරු පිරිසක් නීතීඥ සංගමයෙන් ඉල්ලයි
