Advertise with Giraya
NEWS

ආසාදිතයින්ගෙන් 51%ක් සුවය ලබයි

මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගෙන් 51%කට වැඩි ප්‍රමාණයක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

එසේම, අද (15) දිනයේ පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 32 ක් සුවය ලබා රෝහල්වලින් පිටවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් ගණන 477 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද,
  • මැයි 15 – රෝගීන් 32 ක් ද වශයෙන් සුවය ලබා ඇත.

අද (15) දින පෙරවරු 10.00 වන විට රෝගීන් කිසිවෙකු වාර්තා වී නැති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන 436 ක් වේ. ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 109 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 32 ක් ද, මුල්ලේරියාව රෝහලේ 78 ක් ද, ඉරණවිල රෝහලේ 06 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 182 ක් ද, හෝමාගම රෝහලේ 29 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් රෝගීන් දෙදෙනෙකු රෝහල වෙත යොමු කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

තවත් පුද්ගලයින් 112ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 45 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 67 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 489 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 11 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26
  • මැයි 14 – 1489 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 10

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925ක් වන අතර කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 15 පෙරවරු 10.00 වන විට මරණ අනුපාතය 0.97%ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top