Advertise with Giraya
NEWS

බණ්ඩාරනායක මාවතත්, සුදුවැල්ලත් යළි විවෘත කෙරේ

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසු හුදෙකලා ප්‍රදේශ ලෙසට නම් කළ කොළඹ 12, බණ්ඩාරනායක මාවත සහ ජා-ඇල,සුදුවැල්ල ප්‍රදේශයන් යලි විවෘත කිරීමට පියවර ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

හුදෙකලා කර තිබූ අවසාන ගම්මාන දෙක එම ගම්මාන වන අතර ඒ අනුව මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කොට නොමැති බවද මෙහිදී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ තවත් කිහිපදෙනෙකු නිරෝධායනය වෙමින් පවතින බවත් ඔවුන් යළි නිවෙස් බලා පැමිණීමෙන් පසු නිවෙස් වලින් පිටතට නොපැමිණ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරිම අනිවාර්ය බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top