මහබාගෙ පොලිස් වසමේ නුගගහවත්ත පාර, වැලිසර, රාගම ලිපනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් කිලෝ 225කි ග්‍රෑම් 969ක්, හොරොයින් ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුව ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරු 24,30,50 සහ 55 යන වයස්වන පසුවන වැලිසර හා හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෙම වැටලීම සිදු කර ඇත්තේ පසු ගිය 13 වනදා බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
සැකකරුවන් අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
