Advertise with Giraya
NEWS

පැය 05කට පසු මංගල CID යෙන් පිටව යයි

Update at 9.30 PM

පැය 05කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු අමාත්‍ය මංගල සමරවීර පිටව ගිය බව වාර්තා වේ.

___________________________________________________________________________

Giraya News Alerts

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා බස් රථ 22 කින් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා ඇත.

අද (14) පස්වරු 1.45 ට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සම්බන්ධිත පුවත්
රනිල්ගේ අනුදැනුමත් මංගලගේ අනුමැතියත් ඇතිව පුත්තලමේ සිට ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනී !

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top