Advertise with Giraya
NEWS

දිනකදී වාර්තා වූ වැඩිම සුව වීම් ගණන අද… සක්‍රීය ආසාදිතයින් ගණන 461යි

අද (14) දින පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, පසුගිය දා (මැයි 10 වන දින) කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 61 දෙනෙකු පූර්ණ සුවය ලබා ගිය පසු අද (14) දින වැඩිම සුව වීම් ගණන වාර්තා වී ඇත.

ඒ අනුව, මෙම මාසයේ දී සුවය ලැබූ රෝගින් ගණන පහතින් දැක්වේ.

  • මැයි 01 – රෝගීන් 08 ක් ද,
  • මැයි 02 – රෝගීන් 10 ක් ද,
  • මැයි 03 – රෝගීන් 12 ක් ද,
  • මැයි 04 – රෝගීන් 10 ක් ද,
  • මැයි 05 – රෝගීන් 19 ක් ද,
  • මැයි 06 – රෝගීන් 02 ක් ද,
  • මැයි 07 – රෝගීන් 17 ක් ද,
  • මැයි 08 – රෝගීන් 08 ක් ද,
  • මැයි 09 – රෝගීන් 20 ක් ද,
  • මැයි 10 – රෝගීන් 61 ක් ද,
  • මැයි 11 – රෝගීන් 22 ක් ද,
  • මැයි 12 – රෝගීන් 23 ක් ද,
  • මැයි 13 – රෝගීන් 16 ක් ද,
  • මැයි 14 – රෝගීන් 63 ක් ද වශයෙන් සුවය ලබා ඇත.

අද (14) දින පෙරවරු 10.00 වන විට රෝගීන් කිසිවෙකු වාර්තා වී නැති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබු කොරෝනා වෛරසය ආසාදිත වූ ගණන 461දක්වා අඩු වී ඇත. ඒ අනුව, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 111 ක් ද, වැලිකන්ද මූලික රෝහලේ 32 ක් ද, මුල්ලේරියාව රෝහලේ 78 ක් ද, ඉරණවිල රෝහලේ 06 ක් ද, කාතාන්කුඩි රෝහලේ 01 ක් ද, නාවික රෝහලේ 193 ක් ද, හෝමාගම රෝහලේ 39 ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් එක් රෝගියෙකු රෝහල වෙත යොමු කරමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 45 දෙනෙකු විදෙස්ගතව සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණි අය ද, 66 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 480 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් ද, 11 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දත්ත අනුව මේ මස මුල සිට දෛනික පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව හඳුනාගෙන ඇති ආසාදිතයින් ප්‍රමාණය මෙසේය.

  • මැයි 01 – 1,107 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 25
  • මැයි 02 – 1,681 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 15
  • මැයි 03 – 1,636 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
  • මැයි 04 – 986 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 37
  • මැයි 05 – 1,491 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 06 – 1,147 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
  • මැයි 07 – 1,553 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 27
  • මැයි 08 – 1,821 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 11
  • මැයි 09 – 1,424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
  • මැයි 10 – 1,282 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 16
  • මැයි 11 – 1,057 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 06
  • මැයි 12 – 1,078 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 20
  • මැයි 13 – 889 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 26

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 915ක් වන අතර කොරෝනා වෛරසය අසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත. ඒ අනුව, මැයි 14 පෙරවරු 10.00 වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 48.6%ක් ලෙසත් මරණ අනුපාතය 0.98%ක් ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top