Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් සොයා පොලිස් පරීක්ෂණ

පාස්කු ඉරු දින ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සිය ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ සමීප ඥාති කාන්තාවන්ට අන්තවාදී දේශන පැවැත්වූ සංචාරක හෝටලයක් කාන්තන්කුඩි, පාලමුණේ ප්‍රදේශයෙන් රහස් පොලීසිය විසින් පසුගියදා (08) අනාවරණය කර ගන්නා ලදී.

මීට අදාළව සිදු කෙරෙන පරීක්ෂණවල දී අත්අඩංගුවට පසුවන සැකකරුවෙකුගේ පාපොච්චාරණය මත පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන විශේෂ පොලිස් කණ්ඩායම් සහරාන්ගේ දේශනවලට සහභාගි වූ කාන්තාවන් පිරිසක් සොයා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව, බොහෝ දුරට ඉදිරි දින කීපය ඇතුළත කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

Giraya News Alerts

පසුගිය වසරේ ‘පාස්කු ඉරිදා’ සිදුකළ බෝම්බ ප‍්‍රහාර පිළිබඳව පොලිස් විමර්ශන කණ්ඩායම් 11ක් යොදවා ඇති අතර මෙම පරීක්‍ෂණ අනුව ලැබෙන තොරතුරු ඔස්සේ සෑම සැකකරුවකුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top