සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දී තිබේ.
එසේම එම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද ලබා දී ඇති බවත් නිවේදනය කර තිබේ.
ඊයේ (13) දිනයේ දී විදුලි බල අමාත්‍යාංශයේ දී පැවති රැස්වීමක දී අමාත්‍ය මහින්ද අමරවිර මේ බව සඳහන් කර ඇත.
මෙම තීරණයට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

