Update at 9.07 PM
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
_________________________________________________________________________
Update at 8.40 PM
රාජිත සේනාරත්න මීට සුළු වේලාවකට ප්‍රථම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.
____________________________________________________________________________
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විටත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව වාර්තා වේ. ඉන් අනතුරුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහුට සහය පළ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරිශ්‍රයට රැස් වී සිටින බව වාර්තා වේ.
